බහු-පාර්ශවකාර කණ්ඩායම් ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය අගය නිර්මාණකරුවෙකු වශයෙන් සැලකෙන SDB බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා සුවිසල් වටිනාකමක් හා ස්ථාවරත්වයක් ලබා දෙන අතර, මූල්‍යමය වශයෙන් සුරක්ෂිත සංස්කෘතියක් ඇති කරලීම සඳහා දීර්ඝ කාලීන භාවිතයන් සමඟ සදාචාරාත්මක හා අනාගතයට සරිලන මූල්‍යමය නිමැවුම් හා සේවා පිරිනමනු ලැබේ.
ගනුදෙනුකාර භවතුන් සවිබල ගැන්වීම හා අපගේ ජාතික ආර්ථිකය වැඩි දියුණු කරලීම සඳහා දායක වීමට අසමසම මූල්‍ය සේවා පිරිනැමීමේ සුපැහැදිලි දැක්ම සමඟින් ජාතික සංවර්ධනයේ දී ඔබගේ ප්‍රමුඛතම සහකරු වශයෙන් සිටින SDB බැංකුවේ අප විසින් විශ්වාසය තබා ඇත්තේ අපගේ කොටස්කරුවන් සඳහා දිගු කාලීන අගයක් හා වර්ධිත ප්‍රතිලාභ ඇති කරලීම වේ.
ශ්‍රී ලංකාවේ සීඝ්‍රතම වර්ධනයක් සහිත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව වශයෙන් වන අපගේ ක්‍රමෝපායික ස්ථාවරත්වය මඟින් බිම් මට්ටමේ සංවර්ධනය සඳහා විශ්වාසනීය මංපෙත් විවර කරන්නෙකු ලෙස හා අප රටේ ආර්ථික වෘද්ධියේ හා ප්‍රගතියේ වඩාත් අපේක්ෂාසහගත පාර්ශවකරුවෙකු වශයෙන් අපගේ ශක්තීන් යෙදවීම සඳහා නිල වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදා කර දී ඇත.