Easy Leasing Sri Lanka | SDB bank | Customised Leasing Packages | SDB bank

Easy Leasing Sri Lanka | SDB bank | Customised Leasing Packages

දැන් විමසන්න

SDB ලීසිං  මඟින් ඔබගේ සියලු පුද්ගලික වාහන සඳහා අවශ්‍ය කරන කල්බදු පහසුකම් සියල්ල සම්බන්ධයෙන් අසමසම විසඳුම් ලබාදීම සඳහා අඛණ්ඩව කැපවී සිටියි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • තරඟකාරී අනුපාතික යටතේ නම්‍යශීලී ආපසු ගෙවීමේ ක්‍රම සමඟින් එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවලට අනුකූල වන පරිදි සැකසූ කල්බදු පහසුකම් පැකේජ
  • නියමිත කාලයට ප්‍රථමයෙන් සිදු කරන බේරුම් කිරීම් සඳහා ආකර්ෂණීය වට්ටම්
  • දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ කල්බදු පහසුකම් සඳහා පහසු ප්‍රවේශය
  • පෞද්ගලික හා වාණිජ වාහන සඳහා ලීසිං පහසුකම් තිබේ

 

 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • SDB ණය නිර්ණායක සපුරාලන ණය මුදල නැවත ආපසු ගෙවීමේ හැකියාව සහිත වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට SDB ලීසිං පහසුකම ලබාගත හැකි වේ
අවශ්‍ය කරන ලියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවක දී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)
  • වර්තමාන සේවාදායකයාගෙන් ලබාගත් අදාළ ආයතනය තුළ සේවය කරන බව තහවුරු කිරීමේ ලිපිය හෝ බැංකු ප්‍රකාශනයක් මඟින් ආදායම පිළිබඳ සහතික වීමක්
  • කල්බදු ක්‍රමය යටතේ ලබා ගැනීමට යන වාහනයට අදාළ ඉන්වොයිසිය සහ තක්සේරු වාර්තාව.