ස්ථාවර තැන්පතු සඳහා විශේෂ සංවත්සර දීමනාවක්!
ඔබේ වටිනා තැන්පතු සඳහා දින 200කට 11.50% සහ දින 100කට 11% දක්වා ප්රතිලාභ ලබා ගනිමින් ආරක්ෂිත හා ස්ථාවර මූල්ය අනාගතයක් සඳහා විශ්වාසයෙන් පිය නගන්න.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතිකය
- ඔබගේ ආයෝජන සඳහා උපරිම ආරක්ෂාව
- තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය මුදල් ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම/ණය මුදලක්
- අවම තැන්පතු වටිනාකම රු. 100,000කි.
- ගිණුම පැවරීම සඳහා ප්රතිලාභියෙකු/ප්රතිලාභීන් නම් කර තැබීම සඳහා ඇති හැකියාව
- බද්ධ ගිණුම් ආරම්භ කිරීමේ හැකියාව
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්රී ලාංකික පුරවැසියෙකුට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වේ.
අවශ්‍ය කරන ලියවිලි
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්රය
- අනන්යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්රයේ/ රියදුරු බලපත්රයේ ඡායා පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්රකාශනයක ඡායා පිටපතක්)

