Home Loans | SDB bank Sri Lanka | Low Interest Rate | SDB bank

Home Loans | SDB bank Sri Lanka | Low Interest Rate

ඔබගේ සිහින නිවස යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා විශාල මූල්‍යමය කැපකිරීමක්  සිදු කිරීමට ඔබ සූදානම් ද? නිවසක අයිතිය හිමිකර ගැනීමේ ඔබගේ ජීවන ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා හොඳම අවස්ථාව ඔබ වෙත පිරිනැමීම තහවුරු කරමින් SDB බැංකුවේ අප විසින් නිවාස ණය සංකීර්ණ බවින් තොර, කාර්යක්ෂම හා පාරදෘශ්‍ය ආකාරයට ලබා දෙනු ලැබේ. නිවසක් ඉදි කිරීමක් හෝ මිලදී ගැනීමක් හෝ, ඉඩම් කොටසක් මිලදී ගැනීමක් හෝ, අඩක් නිම කරන ලද නිවාසයක් සම්පූර්ණ කිරීම හෝ,  එසේත් නොමැති නම් ඔබගේ වර්තමාන නිවස  පුළුල් කිරීම, වෙනස් කිරීම හෝ අලුත්වැඩියා කිරීමක් හෝ වේවා, ඔබගේ ආදායම හා අයවැයට අනුකූලව නිවාස ණය අවශ්‍යතාවය සපුරාලීමේ හැකියාව අප සතු වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • දිගු කාලීනව ණය ආපසු ගෙවීමේ පහසුකම
  • නම්‍යශීලී ප්‍රවේශය හා කඩිනමින් ණය අනුමත කිරීම
  • ආකර්ෂණීය හා තරඟකාරී අඩු පොලී අනුපාතික
  • අපගේ දිවයින පුරා විසිරි ශාඛා ජාලය මඟින් පිරිනැමෙන පහසුව
 
ණය ලබාගැනීම සඳහා සුදුසුකම
  • ඔබ සතුව තනිව හෝ ඔබගේ කලත්‍රයා සමඟ හවුලේ හෝ විධිමත් අඛණ්ඩ මාසික ආදායමක් තිබිය යුතු වේ. මෙම ආදායම මාසික ණය වාරිකය ගෙවීම සඳහා මෙන්ම අනෙකුත් දෛනික ජීවන හා අනෙකුත් අවශ්‍යතා සඳහා වැය කිරීමට ද ප්‍රමාණවත් විය යුතු වේ
ණය මුදල
  • ඔබගේ අවශ්‍යතාවය හා ආදායම අනුව තීරණය වේ.