Convenient Corporate Internet Banking | SDB bank Sri Lanka | SDB bank

Convenient Corporate Internet Banking | SDB bank Sri Lanka

SDB ව්‍යාපාර අන්තර්ජාල බැංකුකරණය යනු ඕනෑම ව්‍යාපාරයක් සඳහා වූ බැංකුකරණ කටයුතු වේගවත්ව, සරලව, කාර්යක්ෂමව හා සුරක්ෂිත ඉටුකර ගැනීම සඳහා SDB බැංකුව විසින් හඳුන්වා දෙන ආයතනික අන්තර්ජාල බැංකුකරණ විසඳුමකි.  ඕනෑම ස්ථානයක දී, ඕනෑම වේලාවක දී අන්තර්ජාලයට ප්‍රවේශවීමේ බලගැන්වීම සහිතව, සමාගම් අරමුදල් හා ගනුදෙනු වාර්තා වෙත එසැණින් පිවිසීමේ පහසුකම සමඟින් සම්පූර්ණ කාරක ප්‍රාග්ධන හා මූල්‍ය කළමනාකරණයක් SDB ව්‍යාපාර අන්තර්ජාල බැංකුකරණය මඟින් ආයතනික  ‍සේවාදායකයන් සඳහා සපයනු ලැබේ. කරදරකාරී බවින් තොරව සේවක පඩි ලැයිස්තුවල සිට ස්වයංක්‍රීය ගෙවීම් කටයුතු දක්වා වූ ආයතනික කාර්යයන්හි දී පරිගණකය හා සම්බන්ධ වී සරල ආකාරයෙන් සිදු කරනු ලබන  ක්ලික් කිරීම් සමූහයක් දක්වා පමණක්  වන පරිද්‍දෙන් SDB ව්‍යාපාර අන්තර්ජාල බැංකුකරණය මඟින් ඔබගේ ආයතනික මූල්‍ය කටයුතු සරල කරනු ලැබේ.

අන්තර්ගත පහසුකම්
  • ව්‍යාපාරික පාලක පුවරුව
  • බහුපරිශිලක පිරිසක් කළමනාකරණය කරගැනීම
  • ප්‍රධාන පරිගණක පද්ධතිය වෙත ගනුදෙනුකාර පාර්ශවයන් පහසුවෙන් සම්බන්ධ කිරීම
  • මූල්‍ය තත්ත්වය හා පූර්ව ගනුදෙනු පිළිබඳ විස්තර
  • මුදල් සංසරණය
  • වැටුප් ලබාදීම්
  • ගිණුම් කිහිපයක් වෙත මුදල් මාරු කිරීම්
  • සමූහගත සමාගම්/ගිණුම් හැසිරවීම
  • රජය වෙත ගෙවීම්
  • ඉල්ලීම් පිළිබඳ කටයුතු කිරීම
  • අන්තර්ජාලය ඔස්සේ සැපයෙන සහාය
  • බැංකු තොරතුරු කේන්ද්‍රය
  • අනුමත කිරීම් කළමනාකරණය සඳහා ජංගම දුරකතන යෙදවුම් වෙත ඒකාබද්ධතාවය
  • සමාගම් තුළ ක්‍රියාත්මක ‍ වෙමින් පවතින තෙවන පාර්ශව පද්ධති සමඟ ඒකාබද්ධතාවය
ප්‍රතිලාභ
  • ඕනෑම ස්ථානයකින්, ඕනෑම ‍වේලාවක දී පිවිසිය හැකි පහසු, සියලු තොරතුරු අන්තර්ගත හා ඉහළ සුරක්ෂිතභාවයකින් යුතු ආයතනික බැංකුකරණ විසඳුම්
  • බැංකුව වෙත ලැබෙන ගෙවීම් ක්ෂණිකව වලංගු කිරීම් හා සිදුකරන ගනුදෙනු සම්බන්ධව එසැණින් පණිවිඩ ලැබීමට සැලැස්වීම
  • සමාග‍මෙහි ප්‍රධාන බැංකු විස්තර හා අනෙකුත් සේවා සම්බන්ධයෙන් එකවර බලාගැනීමට හා පිවිසිය හැකි වන පරිද්දෙන් පවතින අවශ්‍යතානුකූලව සකස්කරන ලද වඩාත් ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වන පරිශිලක මිත්‍රශීලී පාලක පුවරුව
  • ජංගම දුරකතන භාවිතයෙන්ද ක්‍රියාත්මක කළ හැකිවීම
  • බැංකු වාර්තා වෙත ක්ෂණික ප්‍රවේශය සමඟ නම්‍යශීලි හා වේගවත් ගනුදෙනු වාර්තා සැකසුම
  • SDB බැංකුවේ අනෙකුත් සේවා හා ප්‍රවර්ධන කටයුතු වෙත ප්‍රවේශය
  • සාම්ප්‍රදායික ලිපිලේඛන සැකසුම් කටයුතු ප්‍රතිස්ථාපනය කර තිබීම