LANKAQR | Upay | Digital Payments Sri Lanka | SDB bank | SDB bank

LANKAQR | Upay | Digital Payments Sri Lanka | SDB bank

අප විසින් ක්‍රමිකව මුදල් රහිත ගනුදෙනු සංදර්භයක් කරා පියමං කරමින් සිටින අවස්ථාවක දී, SDB බැංකුව විසින් UPay යෙදුම  සමඟින් ඩිජිටල් ගනුදෙනුවල නව යුගයක් කරා ශ්‍රී ලාංකිකයන් සවිබල ගන්වනු ලැබේ.  පරිශීලකයන් වෙත බහුඩිජිටල් ගෙවීම් විකල්ප හා අගය එකතු කළ සේවා සපයන UPay යනු සරල නමුත් ප්‍රබල ජංගම දුරකතන ආශ්‍රිත ගෙවීම් කිරීමට පහසුකම් සලසන යෙදුමකි.  ඔබගේ SDB බැංකු‍වේ ජංගම ‍ හෝ ඉතිරි කිරීමේ ගිණුමට සේම, වෙනත් බැංකු ගිණුම්වලට සහ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ විකල්ප වෙත ද සම්බන්ධ  කළ හැකි බහුකාර්ය ජංගම පසුම්බියක් ලෙස UPay යෙදුම හැඳින්විය හැක.

දෛනික ගෙවීම් කටයුතු සරල කරමින්, වර්තමාන අතිධාවනකාරී හා ගතික ජීවන ක්‍රම අභිමුව ඊට සහායක් ලබාදෙමින් ඕනෑම අවස්ථාවක, ඕනෑම ස්ථානයක සිට ගෙවීම් කිරීමේ අවස්ථාව UPay මඟින් පාරිභෝගිකයන්ට ලබා දෙනු ලැබේ. SDB බැංකුවේ දැනට සිටින හා නොසිටින ගනුදෙනුකරුවන් සඳහා UPay  ජංගම දුරකතන ගෙවීම් යෙදුම ඇන්ඩ්රොයිඩ් හා iOS යන ජංගම දුරකතන කාණ්ඩ ‍ ‍‍දෙවර්ගය වෙතම   නොමිලේ බාගත හැකි වේ.

UPayහි ක්‍රියාකාරිත්වය
  • භෞතික වශයෙන් මුදල් අතරැ‍ගෙන යෑමේ කරදරය රහිතව
      • භාණ්ඩ හා ‍සේවා මිලදී ගැනීම
      • දෛනික ගනුදෙනු සිදු කිරීම සඳහා

    දැනට පවතින SDB බැංකු ගිණුම් හෝ වෙනත් බැංකු ගිණුම් වෙත සම්බන්ධතාවය ලබා දේ.

  • නැතිවීම හෝ අස්ථානගත වී‍මට ඇති හැකියාව දුරුකරමින් UPay යෙදුම් මඟින් ඒ හරහා සෘජුවම ගෙවීම් කිරීම සඳහා  ක්‍රෙඩ්ට් හා ඩෙබිට් කාඩ්පත් සුරක්ෂිතව සම්බන්ධ කරනු ලැබේ. UPay යෙදවුම් මඟින් Split-the-Bill විකල්පය ද සැපයෙන බැවින් සාමූහික ගෙවීම් ද අපහසුතාවයකින් තොරව සිදුකළ හැකි වේ.
  • වාණිජ ව්‍යාපාර ජාලයක් (merchant portal) උපයෝගී කරගන්නා බැවින් ඊ-චැනලින්, සිනමා ටිකට්පත් ලබාගැනීම, ජල හා විදුලිබල වැනි පොදු උපයෝගීතා හා අනෙකුත් ව්‍යාපාර වලට ද සෘජුව ‍ගෙවීමේ පිවිසුමක් ලබාදේ. මෙම ගෙවීම් ද ස්වයංක්‍රීයව, නිරික්ෂණය කර කළමනාකරණය කරගත හැකි ය.
  • සම්බන්ධිත ගිණුම/ගිණුම් හෝ කාඩ්පත් සමඟ ජංගම දුරකතනය සෘජුව සම්බන්ධතාවයක් හිමි වේ.
  • ජාත්‍යන්තර ගෙවීම් කටයුතු පහසුකරන්නන් සමඟ විශේෂ සම්බන්ධතා
  • පැය 24/7 පුරාම ක්‍රියාත්මක වෙළඳ සහාය
  • මූල්‍ය හා ගනුදෙනු සම්බන්ධයෙන් UPay මඟින් ජනනය කරන මාසික e-වාර්තා
  • දැනට සිටින SDB ගනුදෙනුකරුවන් සඳහා SDB SMS බැංකුකරණ පහසුකම සමඟ  සියලු UPay ගනුදෙනු සඳහා කෙටිපණිවිඩ පහසුකම ද හිමි  වේ.
ප්‍රතිලාභ
  • ඕනෑම ස්ථානයක, ඕනෑම වේලාවක ඉහළ පහසුකම් හා ප්‍රවේශය
  • තනි ගෙවීම් පුවරුවකට ඒකරාශි කළ බහු බැංකු ගිණුම් හා බහු ‍‍ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් ඔස්සේ විවිධ වූ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද යෙදවුම කරා ප්‍රවේශ වීමේ දී වලංගුතාවය සහතික කළයුතු මුරපදය හා PIN අංකය සමඟින් ඉහළ සුරක්ෂිතතාවයක් සහිත යෙදුම
  • ශ්‍රී ලංකාව පුරා අන්තර්ජාලය ඔස්සේ හා අන්තර්ජාලය ඔස්සේ නොවන අලෙවිකරුවන් සමූහයක් වෙතින් පිරිනැමෙන පුළුල් පිළිගැනීම
  • දැනට සිටින SDB ගනුදෙනුකරුවන් සඳහා සහභාගිත්ව වෙළඳ පාර්ශවකරුවන් වෙතින් පිරිනැමෙන ප්‍රවර්ධන කටයුතු හා ආකර්ෂණීය පොලී අනුපාතික සඳහා ප්‍රවේශය
  • තනි පුද්ගල අයවැයන්හි සමස්ත පාලනය හා කළමනාරණය