Visa Debit Cards | SDB bank Sri Lanka | Card Offers | SDB bank

Visa Debit Cards | SDB bank Sri Lanka | Card Offers

අපගේ ගනුදෙනුකරුවන් වැඩි මූල්‍ය නිදහසකින් සවිබල ගැන්වීමේ අරමුණින් අපි Vertical SDB Visa ඩෙබිට් කාඩ් පත හඳුන්වා දී ඇත්තෙමු.

 

විශේෂාංග සහ ප්‍රතිලාභ:
  • අන්තර්ජාල ගනුදෙනු සිදුකල හැක.
  • වීසා පිළිගත් ඕනෑම දේශීය හෝ විදේශීය වෙළඳ ජාලයකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සිදුකල හැක
  • දිවයින පුරා ඇති ඕනෑම SDB ATM යන්ත්‍රයකින් සහ 5,000 කට අධික Lanka-pay ATM ජාලයෙන් මුදල් ආපසු ගැනීමට ඇති හැකියාව
  • දෛනික මුදල් ආපසු ගැනීමේ සීමාව රු. 100,000 ක් සහ POS සීමාව රු. 300,000 කි
  • නවීනතම CHIP තාක්‍ෂණය සමඟ ආරක්‍ෂිත ප්‍රමිතීන් වැඩි දියුණු කර ඇත.
  • ගිණුම් විවෘත කරන අවස්ථාවේ ක්ෂණිකව කාඩ්පත නිකුත් කිරීම
  • රු. 5000 ට අඩු ගනුදෙනු සඳහා Tap & GO Visa payWave ගෙවීමේ පහසුකම

 

SDB ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර (ATM) පිහිටා ඇති ස්ථාන:
  • අම්බලන්ගොඩ
  • කරාපිටිය
  • කිරුළපන
  • යුනියන් පෙදෙස
  • කෑගල්ල
  • කුරුණෑගල
  • අනුරාධපුරය
  • පොළොන්නරුව
  • යාපනය
  • මාතර
  • ඒකල
  • මහනුවර
  • ගම්පහ

 

SDB වීසා ඩෙබිට් කාඩ්පත සක්‍රිය කරගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර:
  • ඔබගේ SDB වීසා ඩෙබිට් කාඩ්පතේ පසුපස ඇති සුදු පැහැති තීරුවේ ඔබගේ අත්සන යොදන්න.
  • SDB බැංකුවේ හෝ කොමර්ෂල් බැංකුවේ ඕනෑම ATM යන්ත්‍රණයකට ඔබගේ කාඩ්පත ඇතුළත් කර ඔබගේ PIN අංකය සටහන් කර ඉහත සඳහන් ඕනෑම කාර්යයක් ක්‍රියාත්මක කර SDB වීසා ඩෙබිට් කාඩ්පත සක්‍රිය කරගත හැකි වේ.
  • එසේ නැතහොත් අංක 0115 411 411 ඔස්සේ අපගේ දුරකතන මධ්‍යස්ථානය අමතා සම්බන්ධ වී ඔබගේ SDB වීසා ඩෙබිට් කාඩ්පත සක්‍රිය කරගත හැකි වේ.
  • ඔබගේ කාඩ්පත හා PIN අංකය සුරැකිව තබා ගන්න. අන් කිසිවෙකු වෙත ඔබගේ PIN අංකය ලබා දීම නීති හා කොන්දේසි උල්ලංඝනය කිරීමකි.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීම
  • ශේෂය පිරික්සීම
  • තමාගේම ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම
  • සීමිත කාල සීමාවක් ඇතුළත දී සිදුකර ඇති ගනුදෙනු පිළිබඳ ලබාදෙන වාර්තාව