SDB bank | Senior Citizens | Fixed Deposit Interest Rates in Sri Lanka

Senior Citizens | Fixed Deposit Interest Rates in Sri Lanka

මානසික ආතතියකින් තොර විශ්‍රාම දිවියක් ඔබගේ සබැඳියන් සමඟින් ගත කිරීම සඳහා, අවු 55ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් සඳහා SDB බැංකුව විසින් සුවිශේෂීව සකස් කළ ඉතුරුම් යෝජනා ක්‍රමයකි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • 4.50%ක දක්වා විශේෂ පොලී අනුපාතිකයක් හිමි වේ
ගිණුම් ශේෂය
රු.මිලියනයට අඩු
පොලී අනුපාතය (p.a.)
3.00%
ගිණුම් ශේෂය
රු. මිලියනයක් හෝ ඊට වැඩි
පොලී අනුපාතය (p.a.)
3.25%
  • තැන්පතුවෙන් 80%ක් දක්වා ආපසු ලබාගැනීමේ හැකියාව සහිතව ඉතිරුම් ශේෂය අනුව ලබා දෙන ආකර්ෂණීය ණය පහසුකම්
  • දිවයින පුරා විසිරි ඕනෑම SDB ATM යන්ත්‍රයක හෝ වෙනත් ඕනෑම VISA ATM යන්ත්‍රයක භාවිතා කළ හැකි SDB වීසා ඩෙබිට් කාඩ්පත් හිමි වේ. දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන  අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ
  • SDB ජංගම දුරකතන යෙදවුම, SMS බැංකුකරණ පහසුකම්, Upayව්‍යාපාරික අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හා mCash පහසුකම් වැනි බහුවිධ ඩිජිටල් බැංකු පහසුකම්
 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 55ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික ජේෂ්ඨ පුරවැසියෙකුට උපහාර ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම මූලික තැන්පතුව රු.500/-කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)