Convenient Savings Accounts Sri Lanka | SDB bank | SDB bank

Convenient Savings Accounts Sri Lanka | SDB bank

SDB ඉතුරුම් ගිණුමක මුදල් නැවත ලබා ගැනීම සඳහා ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකින් ප්‍රවේශය සලසන අතර තුර ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය පොලී අනුපාතික ද ලබා දෙනු ලැබේ. ප්‍රගමනශීලී ඉතුරුම් මාවතක් සඳහා වඩාත් යෝග්‍ය අඩිතාලම මෙය වන අතර, අපගේ පාරිභෝගිකයන් අතර මූල්‍ය සුරක්ෂිතතා අභිවර්ධනයක් ද මෙමඟින් ප්‍රවර්ධනය වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ඉතුරුම් ගිණුමේ පවත්නා ශේෂය මත පදනම්ව දෛනික වශයෙන් පොලිය ගණනය කරන අතර මාසිකව ගිණුමට බැර කෙරේ
  • දිවයින පුරා විසිරි ඕනෑම SDB ATM යන්ත්‍රයක හෝ වෙනත් ඕනෑම VISA ATM යන්ත්‍රයක භාවිතා කළ හැකි SDB වීසා ඩෙබිට් කාඩ්පත් හිමි වේ. දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන  අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ
  • ස්ථාවර නියෝග පහසුකම්
  • ගිණුම පැවරීම සඳහා ප්‍රතිලාභියෙකු/ප්‍රතිලාභීන් නම් කර තැබීම සඳහා ඇති හැකියාව
  • SDB ජංගම දුරකතන යෙදවුම, SMS බැංකුකරණ පහසුකම්, Upayව්‍යාපාරික අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හා mCash පහසුකම් වැනි බහුවිධ ඩිජිටල් බැංකු පහසුකම්
 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට SDB ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම මූලික තැන්පතුව රු.500/-කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්  
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)