Savings Accounts for Entrepreneurs | SDB bank Sri Lanka | SDB bank

Savings Accounts for Entrepreneurs | SDB bank Sri Lanka

ජාතික සංවර්ධනයේ ප්‍රමුඛ සහකරුවෙකු වශයෙන් සුපරික්ෂාකාරී මූල්‍ය සැලසුම්කරණය හා කළමනාකරණය ඔස්සේ අනාගත පරපුරේ අභිලාෂයන්, අපේක්ෂා හා සිහින සාක්ෂාත් කරගැනීම සඳහා අප විසින් පණ ගන්වන සුවීශේෂී භූමිකාව SDB බැංකුවේ අපි විසින් අවබෝධ කරගෙන සිටින්නෙමු. එබැවින්,  ඔබත් ඔබගේ ප්‍රශස්ත හැකියා කරා ප්‍රවිශ්ඨ වීමේ අභිලාෂයෙන් පසුවන ශ්‍රී ලාංකේය නව චින්තනකරුවන්ගේ හා ව්‍යවසායකයන්ගේ තරුණ පරම්පරාවේ කොටස්කරුවෙකු නම්, අපගේ SDB ජවය යොවුන් ඉතුරුම් ගිණුම සමඟින් ශක්තිමත් මූල්‍ය ක්‍රමෝපායක් ඇතිකර ගෙන පවත්වා ගනිමින් සාර්ථකත්වය සඳහා වන ඔබගේ බලාපොරොත්තුවට රුකුලක් වීම SDB බැංකුවේ අභිප්‍රාය වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
ගිණුමේ ශේෂය
රු. 500/- Rs. 999,999
පොලී අනුපාතිකය (වාර්ෂික)
3.00%
ගිණුමේ ශේෂය
රු. මිලියන 1 සහ ඊට ඉහළ
පොලී අනුපාතිකය (වාර්ෂික)
3.25%
  • රු.100,000/-ක ගිණුම් ශේෂයක් මාස 24ක කාල සීමාවක් සඳහා පවත්වා ගෙන යන ගිණුම් හිමියන් සඳහා දරු උපතක දී SDB දායාද ළමා ආයෝජන සහතිකයක් හෝ ඇඳුම් පැලඳුම්/පාවහන් හෝ පුහුණු/ උපකරණ ලබා ගැනීම සඳහා රු.4,000/-ක් වටිනා වවුචර්පතක්
  • සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා අඩු පොලී අනුපාතිකයක් යටතේ වන ණය පහසුකම්
  • ව්‍යවසායකයන් සඳහා ධාරිතා සංවර්ධන, ස්වයං  රැකියා හා නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන්
  • රාජ්‍ය අංශයේ හෝ පුද්ගලික අංශයේ ස්ථිර සේවයේ නියුක්ත ගිණුම් හිමියන් සඳහා විශේෂ පුද්ගලික ණය පහසුකම්
  • දිවයින පුරා විසිරි ඕනෑම SDB ATM යන්ත්‍රයක හෝ වෙනත් ඕනෑම VISA ATM යන්ත්‍රයක භාවිතා කළ හැකි SDB වීසා ඩෙබිට් කාඩ්පත් හිමි වේ. දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන  අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ

*කොන්දේසි අදාළ වේ.

 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18-55 දක්වා  පුරුෂ පක්ෂයේ ශ්‍රී ලාංකිකයන්ට ජවය යොවුන් ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම ආරම්භක තැන්පතුව රු.500/- කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)