Uththamavi Savings Account for Women Entrepreneurs | SDB bank Sri Lanka | SDB bank

Uththamavi Savings Account for Women Entrepreneurs | SDB bank Sri Lanka

පුද්ගලික මෙන්ම ව්‍යාපාරික සංවර්ධනය සඳහා ද එකසේ සරිලන SDB උත්තමාවී ඉතිරුම් ගිණුම මඟින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක කාන්තාවන්ගේ මූල්‍ය තත්ත්වය හා සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සුවිශේෂීව සැකසූ අංගයන් සමඟ ඔබ වෙත ඉදිරිපත් කෙරේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
ගිණුම් ශේෂය
රු.500/- සිට රු. 999,999/- දක්වා
පොලී අනුපාතය (p.a.)
3.00%
ගිණුම් ශේෂය
රු. මිලියනයක් හෝ ඊට වැඩි
පොලී අනුපාතය (p.a.)
3.25%
  • උකස් කිරීමක දී 1%ක පොලී
  • රු.100,000/-ක ගිණුම් ශේෂයක් මාස 24ක කාල සීමාවක් සඳහා පවත්වා ගෙන යන ගිණුම් හිමියන් සඳහා දරු උපතක දී SDB දායාද ළමා ආයෝජන සහතිකයක් හෝ මෙවලම්/ පාවහන් / රූපලාවණ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගිණුම් හිමියාට රු.4,000/-ක් වටිනා වවුචර්පතක්
  • ගිණුම් හිමියන් සඳහා කුසලතා සංවර්ධන හා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන්
  • දිවයින පුරා විසිරි ඕනෑම SDB ATM යන්ත්‍රයක හෝ වෙනත් ඕනෑම VISA ATM යන්ත්‍රයක භාවිතා කළ හැකි විශේෂිත SDB වීසා ඩෙබිට් කාඩ්පතක් හිමි වේ. දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන  අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ

*කොන්දේසි අදාළ වේ.

 
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • අවුරුදු 18-55 අතර වයස් කාණ්ඩයේ ශ්‍රී ලාංකික වනිතාවන්ට උත්තමාවී ඉතුරුම් ගිණුමක් ආරම්භ කළ හැකි වේ
  • අවම ආරම්භක තැන්පතුව රු.500/-කි
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්)

 *කොන්දේසි අදාළ වේ.