SME | SDB bank

SME

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විශේෂයෙන් ඉලක්ක කර ඇති මෙම SME මඟින් ඔවුන් ක්‍රියාත්මක වන ප්‍රජාවන් තුළ ජීවන මට්ටම ඉහළ නංවමින්, දේශීය ආර්ථිකය සඳහා උර දීමක්ද අපේක්ෂා කෙරේ. ව්‍යාපාරයක් ආරම්භ කරන හෝ දැනට පවතින ව්‍යවසායක් පුළුල් කරන ව්‍යවසායකත්ව ගුණාංගවලින් හෙබි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා SME යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය පහසුකම් වලට කඩිනම් ප්‍රවේශයක්  ලබාගැනීම සඳහා පහසුකම් සලස්වයි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • යෝග්‍ය සහන කාලසීමාවක් සමඟ සාධාරණ පොලී අනුපාතික
  • ආදායම් රටාව හා ගෙවීමේ හැකියාවට අනුකූල නම්‍යශීලී නැවත ගෙවීමේ කාල සටහනක් සමඟ ව්‍යාපාරික අවශ්‍යතාවයට සරිලන ණය අගයන්
  • ව්‍යාපාර මාර්ගෝපදේශ හා උපදේශක සේවා
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • අවුරුදු 18-65 දක්වා වයස් කාණ්ඩයේ ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු SME ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබයි.
අවශ්‍ය කරන ලියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)