Uththamavi Loan Facility for Female Entrepreneurs | SDB bank | SDB bank

Uththamavi Loan Facility for Female Entrepreneurs | SDB bank

සම්පූර්ණ උත්තමාවී මූල්‍ය විසඳුම් පැකේජයේ අංගයක් ලෙසින් SDB බැංකුව විසින් අපගේ දේශීය ආර්ථිකයේ උන්නතිය වෙනුවෙන් උරදෙන ආත්ම විශ්වාසයෙන් හෙබි කාන්තා ව්‍යවසායකයින්ගේ  විවිධ වූ ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා  ණය පහසුකම් ලබා දෙනු ලැබේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ඇපකරුවන් 02 දෙදෙනකු ඉදිරිපත් කිරීමට යටත්ව රුපියල් මිලියනය දක්වා ණය පහසුකම්
  • ප්‍රාග්ධන මූල්‍යකරණ කටයුතු සඳහා වසර 05ක නැවත ගෙවීමේ කාලය සහ කාරක ප්‍රාග්ධන කටයුතු සඳහා වසර 02ක නැවත ගෙවීමේ කාලය
  • 50%ක් හෝ ඊට වැඩි අගයකින් ව්‍යාපාර හිමිකාරිත්වය දරන අයදුම්කරුවන් සඳහා හදිසි ව්‍යාපාරික අවශ්‍යතාවයකදී කඩිනමින් හා අපහසුතාවයකින් තොරව ණය මුදලෙන් 10%ක් හෝ සම්පූර්ණ ණය මුදලම හෝ ලබාගත හැකි වේ.
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • අවුරුදු 18-60 දක්වා වයස් කාණ්ඩයේ ඕනෑම කාන්තාවකට උත්තමාවී ණය ලබාගත හැකි වේ. (ණය මුදල කල්පිරෙන දිනය වන විට දී වයස අවුරුදු 65 නොඉක්මවිය යුතු ය.)
අවශ්‍ය කරන ලියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)
  • බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් ඕනෑම ලේඛනයක්