Senior Citizens Upahara Loans Scheme | SDB bank Sri Lanka | SDB bank

Senior Citizens Upahara Loans Scheme | SDB bank Sri Lanka

විශ්‍රාමික රජයේ සේවකයන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන් සඳහා සුවිශේෂිව සැකසූ  උපහාර ණය යෝජනා ක්‍රමය මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජාතික ආර්ථිකයට ඔවුන්ගේ පශ්චාත් විශ්‍රාම දිවියේ අවශ්‍යතා ද සපුරා ගැනීම සඳහා සවිබල ගන්වනු ලැබේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • රු.මිලියන 5ක් දක්වා ණය පහසුකම්
  • වසර 10ක් දක්වා හෝ වයස අවුරුදු 75 වනතුරු ණය ආපසු ගෙවීමේ හැකියාව
  • අවම රක්ෂණ ගාස්තු
  • සියලුම අයදුම්කරුවන් සඳහා ස්වයංක්‍රීයව පිරිනමන ණය ආරක්ෂක ආවරණය
  • විශ්‍රාමි වැටුප කඩිනමින් මාරු කිරීම සඳහා සහාය
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 75ට අඩු විශ්‍රාමික රජයේ සේවකයන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන්
  • සණස බැංකු ගිණුමක් වෙත ණය අයදුම්කරුගේ විශ්‍රාම වැටුප යැවීම
අවශ්‍ය කරන ලියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කළ ණය අයදුම්පත
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක  ඡායා පිටපතක්
  • බැංකුව විසින් ඉල්ලා සිටින වෙනත් ඕනෑම ලේඛනයක්