Personal Loans Sri Lanka | SDB bank | Loans | Micro Loans | SDB bank

Personal Loans Sri Lanka | SDB bank | Loans | Micro Loans

ඔබ විසින් සුවිශාල ආයෝජනයක්, කඩිනම් මිලදී ගැනීමක්, එසේ නැතහොත් පුද්ගලික ණයක් ගෙවා නිම කිරීමක් හෝ සරලව ඔබගේ සිහිනය අපේක්ෂාව යථාර්තයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් පසු වේ නම්, SDB බැංකුව විසින් පුද්ගල අවශ්‍යතා හා ආදායම් මට්ටම් අනුව රාජ්‍ය, අර්ධරාජ්‍ය, පුද්ගලික අංශයේ ස්ථිර සේවකයන් සඳහා නම්‍යශීලී, පහසු හා අවශ්‍යතාවලට සරිලන පුද්ගලික ණය පහසුකම් ලබා දෙනු ලැබේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ඔබගේ ණය මුදල ගෙවමින් පවතින අතරතුර පිරිනමන Top-up පහසුකම - ඔබ විසින් ලබාගත් මුලින්ම ලබාගත් පුද්ගලික ණය මුදලේ කොටසක් නැවත ගෙවීමෙන් අනතුරුව, එම පුද්ගලික ණය මුදල නැවත අලුත් කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි ය
  • ඔබගේ කැමැත්ත පරිදි ස්ථාවර හෝ පාවෙන පොලී අනුපාතික අතුරින් එකක් තෝරා ගැනීමේ හැකියාව
  • ණය ඉල්ලුම් පත්‍රය සමඟ අවශ්‍ය සියලු ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උපරිම වශයෙන් සතියේ වැඩකරන දින 03ක් ඇතුළත දී ඔබගේ ණය මුදල ලබාදීමේ අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ
  • වෘත්තිකයන් සඳහා ඇපකරුවන් අවශ්‍ය නොකෙරේ
  • පහසු අයදුම්කිරීමේ ක්‍රියාවලිය
  • වසර 10ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාල සීමාව (ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව රඳා පවතිනුයේ ඔබගේ වයස හා ඔබට සේවයේ නියුක්තවීමට ඉදිරියට ඇති කාලසීමාව අනුව වේ.)
  • ණය ආරක්ෂණ ආවරණය
  • ඔබ සතු වැය කිරීම සඳහා ශේෂ වූ ආදායම, නැවත ආපසු ගෙවීමේ හැකියාව හා අවශ්‍යතා මත පදනම් ව උපරිම ණය මුදල නම්‍යශීලී වේ
 
කොන්දේසි
  • යම් ආයතනයක සේවයේ ස්ථීර කළ සේවා නියුක්තිකයෙකු වීම (රාජ්‍ය/අර්ධ රාජ්‍ය/ පිළිගත් පුද්ගලික අංශයේ ආයතනයක)
  • SDB බැංකුවේ ගිණුමකට ඔබගේ විධිමත් මාසික ආදායම/ණය වාරිකය ප්‍රේෂණය කළ යුතු වේ.
  • ඔබ අවුරුදු 18 -60දක්වා වයස් කාණ්ඩය තුළ අයෙකු විය යුතු ය. (රැකියා නියුක්තිය මත පදනම් වේ).
  • පුද්ගලික ණය පහසුකම සඳහා අයදුම් කිරීම සඳහා අවම ස්ථීර මාසික වැටුප රු.20,000/-ක් විය යුතු වේ.
අවශ්‍ය කරන ලියවිලි:
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත
  • සේවාදායකයාගෙන් ලබාගත් අදාළ ආයතනය තුළ සේවය කරන බව තහවුරු කිරීමේ ලිපිය
  • SDB බැංකුවේ ගිණුමකට වැටුප/ණය මුදල ප්‍රේෂණය කරන බවට සේවදායකයාගේ පොරොන්දුව
  • ආසන්නතම වැටුප් ලේඛන
  • ඔබගේ නම හා ස්ථිර ලිපිනය තහවුරු කර ගැනීම සඳහා ආසන්නතම කාලයක ලැබී ඇති ඔබගේ නම හා ලිපිනය සඳහන් උපයෝගී බිල්පතක පිටපතක් හෝ බැංකුවට පිළිගත හැකි වෙනත් ඕනෑම ලියවිල්ලක පිටපතක්