තෘප්තිමත්භාවයට පැමිණි, සේවයට කැපවූ, සවිබල ගැන්වූ හා සේවයට යොමුවූ කාර්ය මණ්ඩලයක් පවත්වා ගෙන යෑම පිණිස යහපත් මානව සම්බන්ධතා අගය කරන හා ප්‍රවර්ධනය කරන සේවා ස්ථාන සංස්කෘතියක් පවත්වා ගැනීම සදහා SDB බැංකුව විසින් ප්‍රයත්න දරනු ලැබේ. සීඝ්‍ර වර්ධනයේ හා රටේ සංවර්ධනයේ ගාමක බලවේගයක් වන අපගේ කණ්ඩායමේ උද්‍යෝගය හා කැපවීම මත අපගේ මෙහෙයුම් කටයුතුවල ස්වභාවය හා බලපෑම රඳා පවතී.
අපගේ දැක්ම හා මෙහෙවර ඔස්සේ අප මෙහෙයැවෙනවා සේම, නව අදහස් හා නවමු චින්තනය ඔස්සේ ද අපව මෙහෙයැවනු ලැබේ. අපගේ හරයාත්මක වටිනාකම් තමා වෙත ආරෝපණය කර ගත හැකි හා අපගේ බැංකුවටම සුවිශේෂී වූ හරය මතින් පැන නඟින් අද්විතීයත්වය හා ගෞරවනීය අනන්‍යතාවය මූර්තිමක් කරමින් SDB බැංකු සන්නාම කළමනාකරුවන් වශයෙන් ක්‍රියාකිරීමට කැමැත්තක් දක්වන විභවය සහිත කුසලතා සපිරි අයදුම්කරුවන් අප විසින් සාදරයෙන් පිළිගනු ලැබේ.
කුසලතා මත මෙහෙයැවෙන සංස්කෘතියක් පිළිබඳව SDB බැංකුව සෑමවිටම විශ්වාසය තබනු ලැබේ. අපගේ වටිනාතම සම්පත වන මානව ප්‍රාග්ධනය සම්බන්ධයෙන් අපට ඉමහත් බලාපොරොත්තුවක් ඇති අතර මෙම ව්‍යාපාරය අනාගතයේදී මෙහෙයැවීමට විභවයක් සහිත තැනැත්තන් සඳහා ආයෝජනය කිරීමට අප විසින් මහත් කැමැත්තක් දරන අතර අපගේ කාර්යමණ්ඩලය විසින් දක්වන දායකත්වය හා කුසලතා මට්ටම මත පාදකව ඔවුන් හඳුනාගෙන අදාළ වේතන ගෙවීම් මනා ආකාරයෙන් සිදු කරනු ලැබේ.
 
- Manager - Information Security තවත් බලන්න
- Senior Executive – Digital Banking Unit තවත් බලන්න
- Executive/ Senior Executive – Company Secretary Department තවත් බලන්න
- Deputy Manager – Sustainable Banking තවත් බලන්න
- Deputy Manager – Data Center තවත් බලන්න
- Trainee Banking Associates තවත් බලන්න
- Internship Opportunity at SDB Bank තවත් බලන්න
- Deputy Manager – Legal තවත් බලන්න

