SDB bank | Gold Pawning Rates in Sri Lanka

Gold Pawning Rates in Sri Lanka

පුද්ගල අවශ්‍යතා අනුව සුවිශේෂීව සැකසූ උකස් කිරීමේ සේවාව හරහා SDB බැංකුව විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා කඩිනම්, සුරක්ෂිත හා රහස්‍ය මුදල් සහයෝගය ඔවුන්ට අවශ්‍ය අවස්ථාවේ දී සපයනු ලබන අතර එමඟින් ගනුදෙනුකරුවන්ට රත්‍රන් හෝ රන් ආභරණ උකස් කර හදිසි මුදල් අවශ්‍යතා  ණය ආකාරයෙන් ලබාගත හැකි වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • කැරට් 18/කැරට් 24 රත්‍රන් පවුමක් (ග්‍රෑම් 8) සඳහා උපරිම ණය මුදලක්
  • වෙළඳ පොළ තුළ පවත්නා තරඟකාරී අඩු පොලී අනුපාතික
  • නවීනතම උපකරණ මඟින් රත්‍රන්වල බර හා වටිනාකමේ නිරවද්‍යතාවය තහවුරු කිරීම
  • වේගවත් බව, පෞද්ගලිකත්වය හා උපරිම රහස්‍යභාවය සහතික කරන ප්‍රමිතිගත සේවා
  • උකස් රන් භාණ්ඩ සඳහා සහතික කළ ආරක්ෂාව
රන් ණය
Karatage
22 Kt
Karatage
24 Kt
1 month 270,000.00 300,000.00
3 months 255,000.00 280,000.00
6 months 240,000.00 265,000.00

(With effect from 22nd April 2026)

ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු SDB රන් ණය සේවාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි
අවශ්‍ය කරන ලියවිලි
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්