SDB bank | COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ලබාදෙන ණය පමාසහනය - විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කිරීම

COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ලබාදෙන ණය පමාසහනය - විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කිරීම

COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ලබාදෙන ණය පමාසහනය - විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කිරීම

හිතවත් ගණුදෙනුකාරභවතුනි,

COVID-19 වසංගතය හේතුවෙන් අගතියට පත්වූවන්ගේ මූල්‍ය ණය පහසුකම් සඳහා සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2020 අංක 04 දරණ චක්‍රලේඛයට අනුකූලව සහන ලබාගැනීමට අදාළ ඉල්ලීම විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කිරීමට කරුණාකර පහත උපදෙස් අනුගමනය කරන්න.

මේ සඳහා වන අනෙක් දැන්වීම සඳහා මේ සබැඳිය භාවිතා කරන්න

 

පියවර 01:

ණය සහනය ඉල්ලුම් කිරීම සඳහා ආවරණ ලිපිය (ලිපිගොනු අංක 01) භාගත කරන්න.

පියවර 02:

ඔබේ ණය පහසුකමට අදාල ඇමුණුම (ලිපිගොනු අංක 02) පහත වගුවෙන් භාගත කරන්න.

පියවර 03:

ඉහත ලිපිගොනු (ලිපිගොනු  අංක 01 සහ ලිපිගොනු අංක 02) මුද්‍රණය කොට නිසි  ආකාරෙයන් සම්පූර්ණ කරන්න. අදාල තැන් වල අත්සන් කරන්න.

පියවර 4: 

නිසි පරිදි සම්පූර්ණ කොට අත්සන් කරන ලද අයදුම්පත්‍ර ස්කෑන් කර sdbrelief@sdb.lk ලිපිනයට විද්‍යුත් තැපෑල මගින් යොමු කරන්න.

 

කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබට අයත් ශාඛාව ඔබගේ විද්‍යුත් ලිපියෙහි විෂය තීරුවට එක් කරන්න.

උදා: ජා.හැ. අංකය - ශාඛාව

 

විකල්පයක් ලෙස ඔබට ඉහත අයදුම්පත්‍ර නිසි ලෙස සම්පූර්ණ කොට ඔබ ණය පහසුකම ලබාගත් ශාඛාවට භාරදිය හැක.

සහන ලබාදීම සඳහා සලකා බලනු ලබන්නේ නිසි ලෙස සම්පූර්ණ කර අත්සන් සහිතව යොමුකරන අයදුම්පත්‍ර පමණක් බව සලකන්න.

 

අමතර සටහන්

1. ශාඛා කළමනාකරුවන්ගේ සහ ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ දුරකථන අංක (මෙතනින් )

2. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 අංක 04 දරණ චක්‍රලේඛය

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/mb_circular_no_4_of_2020_e.pdf

3. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 අංක 05 දරණ චක්‍රලේඛය

https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/bsd_circular_no_5_of_2020_e1.pdf

 

අයදුම්පත් භාරදීම 2020.05.15 දක්වා දීර්ග කෙරේ