Sahanaya for Voluntary Societies | SDB bank Sri Lanka | SDB bank

Sahanaya for Voluntary Societies | SDB bank Sri Lanka

ශ්‍රී ලංකාව තුළ විධිමත්ව ලියාපදිංචි කර ඇති ස්වේච්ඡා සමිති සඳහාම විශේෂයෙන් සැකසූ සහන්යා ඉතිරුම් ගිණුම මඟින් ප්‍රජා කටයුතු සඳහා වැඩි වටිනාකමක් එකතු කිරීම මෙන්ම සමිතිවල මූල්‍ය සේවා පිරිවැය අඩු කිරීම ද අපේක්ෂා කෙරේ. මරණාධාර සමිති, සුභසාධක සංගම්, ස්වේච්ඡා කණ්ඩායම්, කෘෂි සමිති, ග්‍රාම සංවර්ධන සමිති, රණවිරු සමිති ආදිය මෙම ගිණුමෙන් විපුල ප්‍රයෝජන ලබා ගත හැකි සමිති අතුරින් කිහිපයකි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • විශේෂ පොලී අනුපාතික:
    • රු.5,000-රු.100,000 අතර පවත්වා ගෙන යන ගිණුම් ශේෂයන් සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 3.25%ක් වේ.
    • රු.100,000 සහ ඊට ඉහළ අගයක පවත්වා ගෙන යන ගිණුම් ශේෂයන් සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 3.75%ක් වේ.
  • රු.100,000ක අවම ශේෂයක් වසරක කාල පරිච්ඡේදයක් සඳහා පවත්වා ගෙන යන්නේ නම් සමුච්චිත පොළි වටිනාකමින් විශේෂ බෝනස් පොළියක් හිමි වේ.
  • තැන්පතු මුදලින් 60%ක මුදල් ආපසු ලබාගත හැකි ණය පහසුකම්
ගිණුමක්  ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • ශ්‍රී ලංකාවේ බලාත්මක නීතිය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම ස්වේච්ඡා සමිතියක් මෙම සහන්යා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම් ලබයි.
  • ගිණුමේ පැවතිය යුතු අවම ශේෂය රු.5,000.00කි.