SDB bank | FIXED DEPOSITS

FIXED DEPOSITS

දැන් විමසන්න


SDB ස්ථාවර තැන්පතු පහසුකම සමඟ ඉහළ සුරක්ෂිතතාවයක් සහිත, කල් පිරීමේ කාලය අවසානයේදී ගිවිසුම්ගත සම්පූර්ණ මුදල සමඟින් අවදානමකින් තොර මූල්‍ය ආයෝජනයක් අපි විසින් ඔබ වෙත පිරි නමන්නෙමු. අපගේ වඩාත් ආකර්ෂණීය හා ස්ථාවර ඉහළ පොලී අනුපාතිකය හේතුවෙන් වෙළඳපොල හා ආර්ථික අවදානම්වලින් හා උද්ධමනය හේතුවෙන් වන අලාභ වලින් ඔබ ආවරණය වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • ආකර්ෂණීය ඉහළ පොලී අනුපාතිකය
  • ඔබගේ ආයෝජන සඳහා උපරිම ආරක්ෂාව
  • තැන්පතු මුදලින් 90%ක් දක්වා ණය මුදල් ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම/ණය මුදලක්
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකි වේ.
අවශ්‍ය කරන ලියවිලි
  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
  • අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)