SDB bank | SDB බැංකුවේ මැදවච්චිය ශාඛාව නව නිවහනකට

SDB බැංකුවේ මැදවච්චිය ශාඛාව නව නිවහනකට

Select your language

SDB බැංකුවේ මැදවච්චිය ශාඛාව නව නිවහනකට

17-November-2020

SDB බැංකුවේ මැදවච්චිය ශාඛාව 2020 නොවැම්බර් මස 16 වන දා ගනුදෙනුකරුවන් වෙත වඩාත් කාර්යක්ෂම හා නවීන පහසුකම් වලින් සමන්විත සමීප සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව නො 76/බී  යාපනය පාර මැදවච්චිය යන නව ස්ථානයේ්දී ජාතික නිරෝධායන නීති අනුගමනය කරමින්  විවෘත විය.

SDB බැංකුව, ශී‍්‍ර ලංකා මහබැංකුව යටතේ බලපත‍්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස ලියාපදිංචි කර ඇති අතර කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ආයතනයක් ලෙස කටයුතු කරයි. ශී‍්‍ර ලංකා Fitch Rating ආයතනයේ BB+(stable) ලෙස වර්ගීකරණය කර ඇති අතර දිවයින පුරා ශාඛා 94 ක ජාලයක් සහිතව කි‍්‍රයාත්මක වෙමින් ප‍්‍රදේශයේ ගනුදෙනුකාර ප‍්‍රජාවට හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාදීමට කටයුතු කර තිබේ.

M M M නිලාම් මහතා මැදවච්චිය ශාඛාවේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර මෙම ශාඛාව වසර 10කට අධික කාලයක් ප‍්‍රදේශයේ ව්‍යාපාරික ප‍්‍රජාව හා ගනුදෙනුකාර භවතුන් වෙත සේවාව සපයා තිබේ.

SDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැදවච්චිය ශාඛාව නව නිවහනක විවෘත කල අතර මෙම අවස්ථාවට සමූපකාර දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් තිලිණි අයෝමා පතිරගේ මහත්මිය ඇතුළු SDB බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ මහත්ම මහත්මීන් ද මැදවච්චිය නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාව ඇතුළුව පෞද්ගලික සහ රාජ්‍ය අංශය නියෝජනය කරමින් ගනුදෙනුකරුවන් රැුසක් ද සහභාගී වූහ

 

SDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී තිලක් පියදිගම මහතා ඇතුළු පිරිස විසින් මැදවච්චිය ශාඛාව නව නිවහනක විවෘත කළඅයුරු.

Related Press Releases

↑