ප්‍රාග්ධන වෙළඳපොළ තුළ නව සන්ධිස්ථානයක් පිහිටුවමින් SDB බැංකුව ප්‍රථම ඩිජිටල් හිමිකම් නිකුතුව පවත්වයි
19-January-2021
හිමිකම් නිකුතුවක් ඩිජිටල් මාධ්‍යයෙන් සාර්ථකව සම්පුර්ණ කළ කොළඹ කොටස් වෙළඳපොළ ලැයිස්තුගත ප්‍රථම ආයතනය ලෙස SDB බැංකුව ශ්‍රී ලාංකීය ප්‍රාග්ධන වෙළඳපොළ තුල තම සන්නාමය සනිටුහන් කල අතර, මෙම අවස්ථාව දායකත්ව සීමාව ඉක්මවූ පළමු දේශීය ඩිජිටල් හිමිකම් නිකුතුව ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක්විය.
රටේ පවතින COVID-19 වසංගත තත්වය මධ්‍යයේ පවත්වන ලද SDB බැංකුවේ ඩිජිටල් හිමිකම් නිකුතුව සැලකිය යුතු ලෙස රුපියල් බිලියන 1.5 ක් රැස් කිරීමට සමත් විය. බැංකු ක්ශේත්‍රය තුල නව්‍යකරණයන් රැසක් හඳුන්වාදුන් SDB බැංකුව කෙරෙහි පවතින ප්‍රසාදය මෙන්ම කොටස් හිමියන් බැංකුව කෙරෙහි දක්වන විශ්වාසය මින් නැවත නැවතත් තහවුරු කරයි.
කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සම්බන්ධීකරණයෙන් පසුගිය නොවැම්බර් මස මුලදී බැංකුව තම කොටස් හිමියන්ට ඔවුන්ගේ හිමිකම් සහ අතිරේක කොටස් ඩිජිටල් මාධ්‍යයෙන් ලබාගැනීමට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙල දැනුම් දෙන ලදි.
මධ්‍යම තැන්පතු පද්ධති (CDS) ගිණුම් හිමියන් සඳහා මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) හරහා සහ CDS නොවන ගිණුම් හිමියන් සඳහා SDB බැංකුව විසින් සකස් කරන ලද විශේෂිත අන්තර්ජාල ක්‍රමවේදයක් හරහා අයදුම් කිරීමේ අවස්ථාව සකස් කරන ලද අතර කොළඹ කොටස් හුවමාරුවේ සහ SDB බැංකුවේ ක්‍රමවේදයන්ට අනුගතව මෙය සිදු විය.
SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි තිලක් පියදිගම මහතා, "බැංකුව විසින් මෑතකදී සම්පුර්ණ කරන ලද ඩිජිටල් හිමිකම් නිකුතුව අතිවිශිෂ්ට සාර්ථකත්වයක් පිළිඹිබු කල අතර එමඟින් SDB බැංකුවේ කොටස් හිමියන්ගේ ඉදිරි චින්තන ස්වභාවය ඉස්මතු කරන ලදි, තවද මෙය ශක්තියක් කරගනිමින් ඉදිරියටත් අපගේ සියලු පාර්ශවකරුවන්ට වඩා විශාල මූල්‍ය හා සමාජ වටිනාකමක් ලබා දීමට අප කැපවන්නෙමු”. යනුවෙන් පැවසීය.
මෙම හිමිකම් නිකුතුවට කොටස් හිමියන්ගෙන් වාර්තාගත ප්‍රතිචාරයක් ලැබුණු අතර, දායකත්ව සීමාව ඉක්මවූ පළමු දේශීය ඩිජිටල් හිමිකම් නිකුතුව ලෙස මෙම හිමිකම් නිකුතුව පත්වීමට එය හේතු විය. SDB බැංකුව විසින් ඔවුන්ගේ නවතම හිමිකම් නිකුතුව ඩිජිටල් මාධ්‍යයෙන් පැවැත්වීම සෑම අතකින්ම ඉතා සිත්ගන්නාසුළු විය. මෙලෙස SDB බැංකුව විසින් ප්‍රාග්ධන වෙළඳපොල සඳහා හඳුන්වා දී ඇති නව ඩිජිටල් ආකෘතිය පිලිබඳ කොටස් හිමියන්ගේ ධනාත්මක ප්‍රතිචාරය ඉතා ඉහල මට්ටමක පවතින අතර අනාගතය කෙරෙහි සුභ ලකුණු පල කරයි. තවද මෙය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්‍රියාකාරකම් කාර්යක්ෂමව, කාලෝචිත හා පහසු ආකාරයකින් පැවැත්වීම සඳහා නව මානයක් විවර කර දීමට සමත්ව ඇත.