
ගිණුමේ පවත්වා ගෙන යන අවම ශේෂය මත පාදක වී, ගනුදෙනුකරුවන් වෙත ඉහළතම වාර්ෂිකව පොලී අනුපාතිකයන් ලබාදෙන පුද්ගල අවශ්‍යතා මත සුවිශේෂී අයුරින් සකස් කළ SDB Top Saver ගිණුම් අප විසින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාව තුළ ඉතුරුම් හා මූල්‍ය කළමනාකරණ සංස්කෘතියක් අභිවර්ධනය කරමින් SDB Top Saver මඟින් ගිණුම් හිමියන් වෙත ඉහළ ඉතුරුම් සඳහා වැඩි පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ. (2022 මාර්තු 23 සිට).
ගිණුමේ ශේෂය
රු.5,000 - රු.49,999පොලී අනුපාතිකය (වාර්ෂික)
3.00%ගිණුමේ ශේෂය
රු. 50,000 - රු.99,999පොලී අනුපාතිකය (වාර්ෂික)
3.75%ගිණුමේ ශේෂය
රු.100,000 - රු.499,999පොලී අනුපාතිකය (වාර්ෂික)
5.00%ගිණුමේ ශේෂය
රු.500,000 සහ ඊට ඉහළපොලී අනුපාතිකය (වාර්ෂික)
6.00%
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- ඉතුරුම් සඳහා ඉහළම පොලී අනුපාතයක්
- ඕනෑම මොහොතකදී මුදල් ආපසු ගැනීමේ හැකියාව
- දිවයින පුරා විසිරි ඕනෑම SDB ATM යන්ත්‍රයක හෝ වෙනත් ඕනෑම VISA ATM යන්ත්‍රයක භාවිතා කළ හැකි SDB වීසා ඩෙබිට් කාඩ්පතක් හිමි වේ. දිවයින පුරා ව්‍යාප්ත ඕනෑම වීසා කාඩ්පත් භාර ගැනෙන අලෙවිසැලකින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා ද මෙම වීසා ඩෙබිට් කාඩ්පත භාවිතා කළහැකි වේ.
- SDB ජංගම දුරකතන යෙදවුම, SMS බැංකුකරණ පහසුකම්, Upay, ව්‍යාපාරික අන්තර්ජාල බැංකුකරණ පහසුකම් හා mCash පහසුකම් වැනි බහුවිධ ඩිජිටල් බැංකු පහසුකම්
*කොන්දේසි අදාළ වේ.
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට SDB Top Saver ගිණුමක් ආරම්භ කළ හැකි වේ
- අවම මූලික තැන්පතුව රු.5,000/-කි
අවශ්‍ය කරන ලියවිලි
- නිසි පරිදි සම්පූර්ණ කරන ලද ගිණුම ආරම්භ කිරිම සඳහා වන අයදුම් පත්‍රය
- අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්
- ජාතික හැඳුනුම්පතේ හෝ අනන්‍යතාවය තහවුරු කරන ලේඛනයේ තැපැල් ලිපිනය වර්තමාන තැපැල් ලිපිනයෙන් වෙනස් වන අවස්ථාවකදී ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (උදා. ජල/ විදුලි හෝ දුරකතන වැනි ස්ථාවර පහසුකමක් සඳහා වන උපයෝගී බිල්පතක, බැංකු ප්‍රකාශනයක ඡායා පිටපතක්)