
ණය ආපසු ගෙවීම සඳහා තබන ඇපය වශයෙන් රත්‍රන් තැබිය හැකි සුරක්ෂිත කෙටිකාලීන ණය ක්‍රමයක් වන SDB අතමාරු යනු පුද්ගලික හෝ ව්‍යාපාරික කටයුතු වලදී මතුවන හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා වන SDB සුවිශේෂී අඩු අවදානම් ණය ගනුදෙනුවකි.
ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
- අවම රු.50,000 සහ උපරිම රු. මිලියන 1.0ක ණයමුදලක් ලබා දෙන කෙටිකාලීන, ත්‍රෙමාසික (මාස 03) ණය පහසුකමකි.
- වාර්ෂික පොලී අනුපාතිකය 0% වේ
- මුළු රන් වටිනාකමින් 90%ක් දක්වා වන ණය අත්තිකාරමක් ගිණුම් හිමියන් සඳහා ලබාගත හැකි වේ
- නවීනතම උපකරණ මඟින් රත්‍රන්වල බර හා වටිනාකමේ නිරවද්‍යතාවය තහවුරු කෙරේ
- වේගවත් බව, පෞද්ගලිකත්වය හා උපරිම රහස්‍යභාවය සහතික කරන ප්‍රමිතිගත සේවා
- ඇප භාණ්ඩ සඳහා සහතික කළ ආරක්ෂාව
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
- අයදුම්කරු:
- වයස අවුරුදු 18ට නොඅඩු ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය
- ඇප වශයෙන් තබනු ලබන රත්‍රන් සොරකම්කළ හෝ නීති විරෝධී අයුරින් ලබාගත් බවට සැක නොකළ යුතු වේ.
- ඇප වශයෙන් තබනු ලබන රත්‍රන්
- අවම වශයෙන් කැරට් 18 රත්‍රන් විය යුතු වේ
- අවම වශයෙන් ග්‍රෑම් 03ක් වත් විය යුතු වේ
අවශ්‍ය කරන ලියවිලි
-
අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතේ/විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්