SDB සමූප සවිය | SDB bank

SDB සමූප සවිය

SDB සමූප සවිය

ප්‍රමාණවත් අරමුදල් නොමැති ප්‍රාථමික සණස සමිතිවලට තම මූල්‍යමය වත්කම් ඉහළ නැංවීමට සහාය වීම සඳහා මෙම ණය පහසුකම සැලසුම් කර ඇති අතර එමඟින් කුඩා, යැපෙන සමිති සංවර්ධනය කිරීමට සහ ඒවාට සහාය වීමට හැකි වේ.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • රු. මිලියන 2 ක් දක්වා පවත්නා පොලී අනුපාත යටතේ සුරැකුම් රහිත ණය පහසුකම්
  • මාස 3 ක සහන කාලයක් සහිතව මාසික වාරික වශයෙන් වසර 3 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්
 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්

පිළිගත හැකි මට්ටමක පවත්වාගෙන යනු ලබන සමිති ගිණුම් වාර්තා මත පදනම්ව ණය පහසුකම අනුමත කිරීමේ වගකීම ශාඛා කළමනාකරු සතුය

 

  • මුළු වත්කම් ප්‍රමාණය රු. මිලියන 10 ඉක්මවන සණස සංගම්
  • සංගමයේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව, වසර 3 ක විගණන ලිපිගොනු
  • සංගමයේ අක්‍රීය ණය (NPL) 10% ට වඩා අඩු විය යුතුය
  • ණය පහසුකම ලබාදෙන්නේ නැවත ණය ලෙස ලබා දීමට සහ / හෝ කාරක ප්‍රාග්ධනය ලෙස පමණි
  • SDB බැංකුව / වෙනත් ඕනෑම බැංකුවක් / දිස්ත්‍රික් සංගමයක් / සංගමයක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක් සමඟ අවම වශයෙන් මාස 6 ක් අඛණ්ඩව ගනුදෙනු කල තිබිය යුතුය
අවශ්‍යය ලියකියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
  • සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
  • පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
  • අත්සන් කාඩ්පත