Infrastructure Loan | Building Loans | Samupa Saviya | SDB bank | Micro Loans | SDB bank

යටිතල පහසුකම් සහ සංවර්ධන ණය

සංගම් වල පිටත පෙනුම ගොඩනැගීම, කාර්යාලීය ගෘහ භාණ්ඩ හා පරිගණක පද්ධති වැනි අභ්‍යන්තර වැඩිදියුණු කිරීම්, සංගම් කාර්ය මණ්ඩලයේ කළමනාකරණ හා තාක්‍ෂණික කුසලතා වැඩිදියුණු කිරීම් හෝ ව්‍යාපෘති කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශන මාර්ගයෙන් ව්‍යාපෘති කළමනාකරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ණය මුදල විශේෂයෙන් නිර්මාණය කර ඇත.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • සංගමය සතු මුළු වත්කම්වලින් 10% ක් දක්වා ණය, අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යටත්ව රු. මිලියන 20ක් දක්වා ඇප රහිතව
  • වසර 03 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්
 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
  • එක් එක් සිද්ධිය අනුව අවදානම අවම කිරීම සඳහා සුදුසු ඇපකරයක් අවශ්‍ය වේ
අවශ්‍යය ලියකියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
  • සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
  • පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
  • අත්සන් කාඩ්පත