Loans to purchase Computers and Laptops | SDB bank Sri Lanka | SDB bank

Loans to purchase Computers and Laptops | SDB bank Sri Lanka

තාක්ෂණික ණය

මෙම නූතන ඩිජිටල්කරණ යුගයේ, කර්මාන්ත සහ ව්‍යාපාර සිය එදිනෙදා කටයුතු සිදුකිරීමේ දී තාක්‍ෂණය ආපසු හැරවිය නොහැකි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. අපගේ තාක්ෂණික ණය සමුපකාර සාමාජිකයින්ට පරිගණක, ලැප්ටොප් සහ වෙනත් උපකරණ සඳහා ආයෝජනය කිරීමටත්, ගෝලීය ඩිජිටල් විප්ලවයට සම්බන්ධ වීමට පසුබට නොවීමටත් අවස්ථාව ලබා දෙයි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • පවත්නා පොලී අනුපාත යටතේ මාසික වාරික වශයෙන් වසර 3 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්.
  • ණය මුදල සංගමයේ ධාරිතාව මත රඳා පවතින අතර ඇපයක් නොමැතිව රු. මිලියන 20 ක් දක්වා නිකුත් කෙරේ.
 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
  • එක් එක් සිද්ධිය අනුව අවදානම අවම කිරීම සඳහා සුදුසු ඇපකරයක් අවශ්‍ය වේ.

අවශ්‍යය ලියකියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
  • සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
  • පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
  • අත්සන් කාඩ්පත