Agricultural Loans | Samupa Saviya | SDB bank Sri Lanka | SDB bank

Agricultural Loans | Samupa Saviya | SDB bank Sri Lanka

කෘෂිකාර්මික ණය

සංගමයේ සාමාජිකයින්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් මෙම කෙටිකාලීන ණය, බෝග වර්ධනය හා පශු සම්පත් වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වන ඉල්ලුම සපුරාලන අතර කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලි / ගොවිපලවල සමස්ත මෙහෙයුම් ඵලදායිතාවය ඉහල නැංවීම අරමුණු කරගනියි.

ගිණුමේ විශේෂාංග හා ප්‍රතිලාභ
  • මාස 6 ක සහන කාලයක් සහිතව උපරිම වසර 1 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්.
  • ආපසු ගෙවීම මාසිකව හෝ එකවර ආපසු ගෙවීමක් ලෙස කළ හැකිය.
  • ණය මුදල සංගමයේ ධාරිතාව මත රඳා පවතින අතර ඇපයක් නොමැතිව රු. මිලියන 20 ක් දක්වා නිකුත් කෙරේ.
 
ගිණුමක් ආරම්භ කිරීම සඳහා සුදුසුකම්
  • සණස සමිති, විවිද සේවා සමුපකාර සමිති, සමුපකාර සහ වෙනත් ලියාපදිංචි සමිති වලට මේ සඳහා අයදුම් කල හැක.
  • එක් එක් සිද්ධිය අනුව අවදානම අවම කිරීම සඳහා සුදුසු ඇපකරයක් අවශ්‍ය වේ.
  • ණය අරමුදල, SDB Top Saver ඉතිරි කිරීමේ කළඹේ මුළු පරිමාවට අනුරූප විය යුතුය
අවශ්‍යය ලියකියවිලි
  • නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය
  • සමිති හා සංගම් ගිණුම් ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත
  • සංගමය ලියාපදිංචි කිරීමේ සහතිකය
  • සංගමයේ සංදේශ හා ව්‍යවස්ථාවේ පිටපතක්
  • පහසුකම ලබා ගැනීම වෙනුවෙන් සම්මත වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනාවේ සහතික කළ පිටපතක්
  • සංගමයක් ප්‍රකාශයට පත්කිරීමේ පෝරමය
  • අත්සන් කාඩ්පත